Watch : රාහුල්ව සම්පූර්ණයෙන් අසරණ කළ බෝල්ට්ගේ සුපිරි පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය අද(10) රාත්‍රියේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ඒ, ශිම්රන් හෙට්මයර් පන්දු 36කින් නොදැවී ලබා ගත් ලකුණු 59න් ශක්තිමත් වෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ලක්නව් කණ්ඩායමේ පළමු කඩුලු දෙකම පළමු පන්දුවාරයේ පළමු නීත්‍යානුකූල පන්දු දෙකේ දී ම දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වුණා.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කේ.එල් රාහුල් හා ක්‍රිෂ්නප්පා ගොව්තම්.
— cric fun (@cric12222) April 10, 2022