Ultimate magazine theme for WordPress.

Watch: රමේෂ්ගේ පළමු පන්දුවෙන්ම රිස්වාන් දැවී ගිය අයුරු

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට විට ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

වර්ෂාව හේතුවෙන් පැය භාගයක කාලයක් ප්‍රමාද වීමෙන් අනතුරුව අද දිනය සඳහා තරගය ආරම්භ කෙරුණු අතර, ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථානය කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

පාකිස්තාන කණ්ඩායමේ තෙවැනි කඩුල්ල අද දිනයේ යොමු කෙරුණු පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, ලකුණු 3 ක් ලබා සිටි අසාර් අලීගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වීමත් සමගයි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 19කට දැවී ගියා.

රමේෂ් මෙන්ඩිස් මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවේදීම එම කඩුල්ල දවා ගැනීම විශේෂත්වයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.