Ultimate magazine theme for WordPress.

Watch : මෙවර IPL තරගාවලියේ මෙතෙක් දුටු විශිෂ්ඨතම උඩ පන්දු රැක ගැනීම ත්‍රිපාතිගෙන්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) රාත්‍රියේ ආරම්භ වූ 21 වැනි තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ රාහුල් ත්‍රිපාති සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් දවා ගැනීම සදහායි ඔහු මෙම සුවිශේෂී උඩ පන්දුව රැක ගත්තේ.

මෙවර තරගාවලියේ දී මෙතෙක් දුටු විශිෂ්ඨතම උඩ පන්දුව එය ලෙස සදහන් කළ ද එහි වරදක් නැහැ.

මෙම තරගය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, කාසියේ වාසියේ දිනූ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුජරාට් පිලේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු 7කට දැවී ගියේ බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේයි.

කවර් ප්‍රදේශයේ සිට පන්දු රකිමින් සිටි ත්‍රිපාති විසින් එම කඩුල්ල දවා ගැනීමට අදාළ උඩ පන්දුව රැක ගත්තේ එක් අතක් පමණක් උපයෝගී කර ගනිමින්.

දර්ශන පහතින් –