Ultimate magazine theme for WordPress.

Watch : මුම්බායට හිසරදයක් වෙමින් රෂීඩ් ගහපු සුපිරි හයේ පහර 10 මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නන්ට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කිරීමට ගුජරාට් ටයිටන්ස් තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඊයේ (12) රාත්‍රියේ සමත් වුණා.

කෙසේ වෙතත්, සූර්යකුමාර් යාදව් රැස් කළ විශිෂ්ඨ ශතකයෙන් සවිමත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි.

රෂීඩ් ඛාන් පන්දු 32 කින් නොදැවී වේගවත් ලකුණු 79 ක් ලබා ගනිමින් මුම්බායි පිලට දැවැන්ත ජයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාව අහිමි කළා. දැවැන්ත හයේ පහර 10 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රෂීඩ් එල්ල කළ හයේ පහර 10 පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)