Watch : මැද ඉන්න සොයා ගිය රෂිඩ්ගේ සුපිරි ගුග්ලි පන්දුව
බංග්ලාදේශය සමග අද(8) ආරම්භ වූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ ගුග්ලි පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා.
ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 16 ක් ලබා සිටි Towhid Hridoy.
Chattogram හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තානයට ලබා දුන්නා.
ඒ අනුව ඇෆ්ඝනිස්තානය පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 331 ක් ලබා ගනිමින්.
බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල දවා ගැනීම සදහායි රෂීඩ් ඛාන් විසින් සුපිරි ගුග්ලි පන්දුවක් යොමු කරනු ලැබුවේ.
ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Towhid Hridoy දැවී ගියා.
දර්ශන පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) July 8, 2023