Ultimate magazine theme for WordPress.

Watch : මැද ඉන්න ගැලවූ ලහිරු කුමාරගේ සුපිරි පන්දුව

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 19 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු Matthew Cross ගේ කඩුල්ල දවා ගැනීමට ලහිරු කුමාර අද(27) සමත් වුණා.

බුලවායෝහි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 245 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 75 ක් රැස් කළ අතර, චරිත් අසලංක ලකුණු 63 යි. පන්දු යැවීමේ දී Chris Greaves කඩුලු 4 ක් දවා ගත්තා.

ස්කොට්ලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස Cross දැවී ගියේ මුළු ලකුණු පුවරුව ලකුණු 14 ක් ලෙස සටහන්ව තිබියදීයි.

කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 7 ක්.

කඩුල්ල දැවී ගිය අයුරු පහතින් –