Watch : මතීෂගේ සුපිරි යෝකර් පන්දුව මැද ඉන්න සොයා ගිය හැටි
![](https://www.hitwicket.lk/wp-content/uploads/2023/05/pathirana-yoker.jpg)
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(6) පස්වරුවේ දී චෙන්නායි හී දී ආරම්භ වූ තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී ඔහුගේ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ Nehal Wadhera.
තරඟයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබා දුන්නා.
මුම්බායි ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස Wadhera දැවී ගියේ ලකුණු 64 ක් ලබා සිටියදීයි.
𝙔𝙊𝙍𝙆𝙀𝘿!
A remarkable delivery from Pathirana to dismiss the well-set Wadhera 👏🏻👏🏻#TATAIPL | #CSKvMI pic.twitter.com/G9N2m6BeYQ
— IndianPremierLeague (@IPL) May 6, 2023