Ultimate magazine theme for WordPress.

Watch : බාබර්ගේ කඩුල්ල සොයා ගිය තිසරගේ පන්දුව

ADVERTISEMENT

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(30) රාත්‍රියේ දී කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබා ගනිමින්.

ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී පළමු කඩුල්ල ලෙස බාබර් අසාම් දැවී ගියේ ලකුණු 7 ක් ලබා සිටියදීයි.

තිසර පෙරේරා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ. (දර්ශන පහතින්)

Leave a comment