Watch : බ්‍රෝඩ් හමුවේ පිට පිට පන්දු දෙකකදී වෝනර් හා ලබුෂේන් දැවී ගිය හැටි
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර බර්මිංහැම්හි පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(17).
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටි අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 9 කට දැවී ගියා.
ස්ටුවට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ.
අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම මර්නස් ලබුෂේන්ගේ කඩුල්ල ද දවා ගැනීමට බ්‍රෝඩ් සමත් වීම කැපී පෙනුණා.
කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටව් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ලබුෂේන් දැවී ගියා.
කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –
It's happened again! 😅
Live clips/Scorecard: https://t.co/TZMO0eJDwY
🏴 #ENGvAUS 🇦🇺 #Ashes pic.twitter.com/qhtIvpAYmn
— England Cricket (@englandcricket) June 17, 2023
🤩 A golden morning for @StuartBroad8…
And Marnus Labuschagne 😉 #EnglandCricket | #Ashes https://t.co/rFwd2cGy92 pic.twitter.com/q5Dt2wLK7W
— England Cricket (@englandcricket) June 17, 2023