Ultimate magazine theme for WordPress.

Watch : බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පිටියේ දී දසුන් ශානක බිද හෙලූ කඩුලු දෙක මෙන්න

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය හෙවත් Eliminator තරගය අද(12) දහවල් මීර්පූර්හී දී ආරම්භ වුණා.

ඒ, Fortune Barishal කණ්ඩායම හා Rangpur Riders කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී Barishal කණ්ඩායම සදහා භානුක රාජපක්ෂ හා Rangpur කණ්ඩායම සදහා දසුන් ශානක ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ Rangpur Riders කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Fortune Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

මෙහිදි හසාන් මිරාස් ලකුණු 69 ක් රැස් කළේ පන්දු 48කින්. මහ්මුදුල්ලාහ් ලකුණු 34 යි. එම කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ දසුන් ශානක විසින්. (දර්ශන පහතින්)

කරීම් ජනට් නොදැවී ලකුණු 33(25) ක් ද, භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 17(10) ක් ද රැස් කළා. භානුකගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී දසුන් ශානක කඩුලු 2ක් බිද හෙලුවේ පන්දුවාර 3 කදී ලකුණු 23 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.