Watch : පෝප්ගේ පිට ඉන්න ගැළ වූ කමින්ස්ගේ සුපිරි යෝකර් පන්දුව
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර බර්මිංහැම්හි පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (19).
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ඔලී පෝප් ලකුණු 14 කට දැවී ගියා.
ඒ, පැට් කමින්ස් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (දර්ශන පහතින්)
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 386 ක්.
— cric sl (@cricslvideo) June 19, 2023
Like a Bullet 🔥
What a ball from Pat Cummins to dismiss Ollie Pope!🔥#Ashes23 #ENGvAUS #CWC23 #Bazball #WTCFinal #ViratKohli pic.twitter.com/KUHZtHTCR9— Raj mohurle (@Rajmohurle_15) June 19, 2023