Watch : පිතිකරු අන්ත අසරණ කළ තෙන්ඩුල්කාර්ගේ සුපිරි යෝකර් පන්දුව මෙන්න
![](https://www.hitwicket.lk/wp-content/uploads/2023/04/arjun-super-yorker.jpg)
අද(22) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අර්ජුන් තෙන්ඩුල්කාර් සමත් වුණා.
පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
පංජාබ් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස Prabhsimran Singh දවා ගැනීම සදහායි අර්ජුන් විසින් සුපිරි යෝකර් පන්දුවක් යොමු කරනු ලැබුවේ.
එහිදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් Prabhsimran Singh ලකුණු 26 කට දැවී ගියා.
දර්ශන පහතින් නරඹන්න –
YORKED!
Arjun Tendulkar gets Prabhsimran Singh out with a ripper 🔥🔥
Follow the match ▶️ https://t.co/FfkwVPpj3s #TATAIPL | #MIvPBKS pic.twitter.com/W3kIQZ7Xyq
— IndianPremierLeague (@IPL) April 22, 2023