Ultimate magazine theme for WordPress.

Watch : පිතිකරණය ද? පන්දු යැවීම ද? කාසියේ වාසිය දිනූ ෂර්මාට කරන්න යන දේ අමතක වූ හැටි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(21) දහවල් රායිපූර්හී දී ආරම්භ වුණා.

පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කළ බැවින් තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සම තත්ත්වයට රැගෙන ඒමටනම් නවසීලන්ත කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්යයි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

සිය කණ්ඩායම කාසියේ වාසිය ජයගතහොත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ද? පන්දු යැවීමට තීරණය කළේ ද ? යන තීරණය කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී රෝහිට් ෂර්මාට අමතක වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා.

එම අවස්ථාව නවසීලන්ත නායක ටොම් ලේතම්ට, තරග තීරක ජවගල් ශ්‍රීනාත්ට මෙන්ම නිවේදක රවී ශාස්ත්‍රිට ද සිනහවක් ගෙන ඒමට සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න