Watch : පැතුම් හා බාබර් අසරණ කළ කුමාරගේ සුපිරි වේග පන්දු දෙක
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංකගේ හා බාබර් අසාම්ගේ කඩුලු දවා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අද(15) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
කොළඹ ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 2 කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 4 ක් ලෙස සටහන්ව තිබියදීයි.
ලහිරු කුමාර යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ.
අනතුරුව බාබර් අසාම් ලකුණු 6කට දැවී ගියා. එම කඩුල්ල ද කුමාර විසින් දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්. (දර්ශන පහතින්)
තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගන්නේ මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පමණයි.
මෙම තරගය සදහා ද කොළඹ කණ්ඩායම වෙනුවෙන් නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා නොකරන බැවින් චාමික කරුණාරත්න විසින් කණ්ඩායම මෙහෙයවනු ලබනවා.
කොළඹ කණ්ඩායමෙන් අද තරගය වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ආබාධයකට ලක් වීම හේතුවෙන් නසීම් ශාහ්ට මෙම තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ ශොරිෆුල් ඉස්ලාම්.
නවසීලන්ත පිතිකරුවන් වන චැඩ් බවුස් හා ටිම් සයිෆර්ට් නවසීලන්ත ජාතික කණ්ඩායම සමග එක්වීම වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බැවින් මෙම තරගය සදහා ගාලු කණ්ඩායම වෙනුවෙන් නජිබුල්ලාහ් සඩ්රාන් හා ලිටොන් දාස් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඊට අමතරව සොහාන් ද ලිවේරා වෙනුවට ලසිත් කෘෘස්පුල්ලේ කණ්ඩායමට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.
— cric sl (@cricslvideo) August 15, 2023