Watch : පාසල් මට්ටමේ වරදක් නිසා රිස්වාන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය හැටි මෙන්න

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(30) ආරම්භ වූ පළමු තරගයේ දී පාසල් මට්ටමේ ක්‍රීඩකයෙකු අතින් විය හැකි ආකාරයේ වරදක් සිදු වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමට පාකිස්තාන මැද පෙල පිතිකරු මොහමඩ් රිස්වාන්ට සිදු වුණා.
පාකිස්තානයේ මුල්තාන් හී දී මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වූ අතර, එහිදී පාකිස්තානයේ ප්‍රතිවාදීන් වූයේ නේපාල කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 25 දී බිද වැටීමෙන් පසුව තෙවැනි කඩුල්ල සදහා බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන් අතර ලකුණු 86 (106) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.
රිස්වාන් පන්දු 50 කින් ලකුණු 44 ක් ලබා සිටියදීයි දුවද්දී දැවී ගියේ. ඉක්මන් ලකුණක් කරා දිව යාමේ දී රිස්වාන් මෙලෙස දැවී ගියේ Dipendra Singh Airee කඩුල්ලට විසි කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.
එම අවස්ථාවේ දී රිස්වාන්ට පහසුවෙන් සිය සීමාව කරා පැමිණීමට අවස්ථාව පැවතුණ ද පන්දුව සිය ශරීරියේ වදීවිදැයි ඇති වූ බිය හේතුවෙන් රිස්වාන් සිය පිත්ත සීමා ඉර සලකුණු කිරීම සදහා භාවිතා කළේ නැහැ. ඒ හේතුවෙන් ඔහුට සිය කඩුල්ල අවාසනාවන්ත ලෙස අහිමි වුණා.
එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) August 30, 2023
— Nihari Korma (@NihariVsKorma) August 30, 2023