Watch : ප්‍රිත්වි ෂෝ දවා ගැනීමට බුම්රා යොමු කළ සුපිරි කෙටි පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක 69 වැනි තරගය අද(21) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.
අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලබා ගැනීමටනම් දිල්ලි කණ්ඩායමට මෙම තරගයේ ජය අනිවාර්යය වනවා.
ඔවුන් මෙම තරගයෙන් පරාජයට පත් වුවහොත් දිල්ලි කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.
අද තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ දවා ගැනීම සදහා ජස්ප්‍රිට් බුම්රා විසින් සුපිරි කෙටි පන්දුවක් යොමු කරනු ලැබුවා.
එම පන්දුව ෂෝගේ අත් ආවරණයේ වැදී කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂන් වෙතයි ඇදී ගියේ.
දැවී යන විට ප්‍රිත්වි ෂෝ පන්දු 23කින් ලකුණු 24ක් රැස් කර සිටියා.
එම දැවී යාමේ දර්ශන පහතින් –
— cric fun (@cric12222) May 21, 2022