Watch : ප්‍රභාත්ගේ දග පන්දුවට ලේතම් ගොදුරු වූ හැටි
නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච්හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. (13)
අද දිනය සදහා තරගය ආරම්භ කිරීම වර්ෂාව හේතුවනේ පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, ඒ අනුව මෙරට වේලාවෙන් පෙරවරු 8ට තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 53 අවම වශයෙන් අද දිනයේ දී යොමු කිරීමේ අරමුණින්.
තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හිමිව තිබෙනවා.
දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.
ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ටොම් ලේතම් දැවී ගියේ. (දර්ශන පහතින්)
දැවී යන විට ලේතම් පන්දු 80 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25 ක්.
— CricDaily24 (@cricday96) March 13, 2023