Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවාරයේ දී ම අෆ්රිඩි දවා ගත් කඩුලු දෙක

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවාරයක් යොමු කරමින් තරගයේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු දෙකක් දවා ගැනීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි අද(16) සමත් වුණා.

ෆ්ලොරිඩාහි Lauderhill හී දී ආරම්භ වූ මෙම තරගයේ දී පාකිස්තානයේ ප්‍රතිවාදීන් වූයේ අයර්ලන්තයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරය අෆ්රිඩි විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ඇන්ඩි බැල්බර්නි ලකුණු නොලබා දැවී ගියා.

ලෝකන් ටකර් ලකුණු දෙකකට දැවී ගියේ එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී යි.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)