Watch : පළමු කඩුල්ල දවා ගැනීමට මදුෂ්ක රැක ගත් සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නිශාන් මදුෂ්ක අද(24) සමත් වුණා.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පාකිස්තාන පළමු ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීම සදහායි ඔහු විසින් එම උඩ පන්දුව රැක ගනු ලැබුවේ.
අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ එහිදී දැවී ගියේ ලකුණු 6 ක් ලබා සිටි ඉමාම් උල් හක්. (දර්ශන පහතින්)
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.
ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත්තා. ඔහු හා දිනේෂ් චන්දිමාල් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 85(119) ක්. ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 36 කට දැවී ගිය පසුබිමකයි ඔවුන් දෙදෙනා එම සම්බන්ධතාවය ගොඩ නැගුවේ. චන්දිමාල් ලකුණු 34 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
— CricDaily24 (@cricday96) July 24, 2023