Watch : පන්දුව නිදැල්ලේ යැවීමට ගොස් කෝලිට අහිමි වූ කඩුල්ල

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(1) බර්මිංහැම් හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාවේ පළමු කඩුලු 5 ලකුණු 98 ක් තුළ බිද වැටුණා.
විරාට් කෝලි මෙම ඉනිමේ දී රැස්කළේ ලකුණු 11 ක් පමණයි.
මැතිව් පොට්ස් යොමුකළ පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සාහ කළ අවස්ථාවේදී පන්දුව පිත්තේ ඇතුළු දාරයේ වැදි කඩුල්ලේ වැදීම හේතුවෙනුයි කෝලිට යළි ක්‍රීඩාගාරය වෙත පිටත්ව යාමට සිදු වුණේ.
EDGBASTON GOES POTTY! 🎉
Scorecard/Videos: https://t.co/jKoipF4U01
🏴 #ENGvIND 🇮🇳 pic.twitter.com/X5G3B2HsRU
— England Cricket (@englandcricket) July 1, 2022
— cric fun (@cric12222) July 1, 2022