Watch : පන්දුවක් මුහුණේ වැදී පාකිස්තාන පිතිකරු මුහුණ දුන් අනතුර මෙන්න
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගයේ දී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු ආගා සල්මාන් අද(11) අනතුරකට මුහුණ දුන්නා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ ආරම්භ වූ නමුත්, වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 24.1 ක් පමණයි. එතැන් සිට තරගය අද දිනයේ දී යළි ආරම්භ කෙරුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 356 ක් රැස් කළා. විරාත් කෝලි නොදැවී ලකුණු 122 ක් හා කේ.එල් රාහුල් නොදැවී ලකුණු 111 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.
පාකිස්තාන පිළිතුරු ඉනිම අතරතුර පන්දුවට පහර දෙමින් සිටියදීයි රවීන්ද්‍ර ජඩේජා යොමු කළ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී ආගා සල්මාන් මෙම අනතුරට මුහුණ දුන්නේ.
එම අවස්ථාවේ දී ඔහු හිස් ආවරණයක් පැළද නොසිටි බැවින් පන්දුව මුහුණේ වැදීමෙන් පසුව මුහුණෙන් රුධිරය ගලා යාමක් ද සිදු වනු දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, ක්‍රීඩාංගනය තුළ දී ම ලබා දුන් මූලික වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව ඔහු අඛන්ඩව පිතිකරණයේ නිරත වුණා.
එම අනතුර සිදු වූ අයුරු පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) September 11, 2023
AGHA SALMAN IS INJURED OFF OF JADEJA’S BOWLING. match khatam karo bhae hamarey larkey hurt ho rahey hain. #INDvsPAK pic.twitter.com/cKONaUtXag
— Dexie (@dexiewrites) September 11, 2023