Watch : නුවන් තුෂාර දවා ගත් කඩුලු පහ
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(9) බංග්ලාදේශය සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගැනීමට සමත් වුණා.
ප්‍රතිවාදීන්ට ලකුණු 20 ක් පමණක් ලබා දෙමින් ඔහු එම කඩුලු පහ බිද හෙලූ අතර, පළමු කඩුලු තුන පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට ද ඔහු සමත් වීම කැපී පෙනුණා.
මීට පෙර තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිදු හසරංග 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන තිබුණා.
තිසර පෙරේරා ඉන්දියාවට එරෙහිව 2016 වසරේ දී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ අතර, ලසිත් මාලිංග බංග්ලාදේශයට එරෙහිව 2017 වසරේ දී හා නවසීලන්තයට එරෙහිව 2019 වසරරේ දී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලා තිබුණා.
අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ 2021 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. වනිදු හසරංග 2021 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තා.