Ultimate magazine theme for WordPress.

Watch : නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 15 කට දැවී ගිය හැටි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(21) දහවල් රායිපූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 34.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 36 ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 27 ක් ද, මයිකල් බේස්වෙල් ලකුණු 22 ක් ද රැස් කළා.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 15 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

එහිදී ෆින් ඇලන් ලකුණු නොලබාත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 7කටත්, හෙන්රි නිකල්ස් ලකුණු 2 කටත්, ඩැරල් මිචෙල් හා නායක ටොම් ලේතම් එක් ලකුණු බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා හා වොෂින්ටන් සුන්දර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමු කඩුලු 5 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –