Watch : ධනුෂ්ක රැක ගත් සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(8) රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණයි.
චරිත් අසලංක ලකුණු 39ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගියා.
පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30කට කඩුලු 4ක් හා ජයි රිචර්ඩ්සන් 26කට කඩුලු 3ක් බිද හෙලුවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ආරෝන් ෆින්ච් ලකුණු 24කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.
ධනුෂ්ක ගුණතිලක රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි ෆින්ච්ට යළි ක්‍රීඩාගාරය වෙත පිටත්ව යාමට සිදු වුණේ.
— cric fun (@cric12222) June 8, 2022