Ultimate magazine theme for WordPress.

Watch : ධනංජය හා නූර් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ නූර් අහ්මඩ් හා ධනංජය ද සිල්වා අද(7) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.

කිංග්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී යි ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස රහ්මනුල්ලාහ් ගුර්බාස් දවා ගැනීම සදහා නූර් අහ්මඩ් හා ධනංජය ද සිල්වා මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

දර්ශන පහතින් නරඹන්න –