Watch : ධනංජය ලක්ෂාන්ගේ සුපිරි direct hit එක
ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 228 ක්.
රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 68(73) ක් රැස් කළ අතර, රහ්මට් ශාහ් ලකුණු 58(78) කට දැවී ගියා. මොහමඩ් නබී ලකුණු 41 යි.
පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඇෆ්ඝනිස්තාන ඉනිමේ දී නායක හෂ්මටුල්ලාහ් ශහීඩි ලකුණු 28 ක් ලබා සිටියදී දුවද්දී දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත් වුණා.
ඔහු කඩුල්ලට යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි හෂ්මටුල්ලාහ් ශහීඩි දැවී ගියේ.(දර්ශන පහතින්)
— CricDaily24 (@cricday96) November 27, 2022