Watch : දෙවැනි පන්දුවාරයෙන්ම ඉන්දියාවේ පළමු කඩුල්ල දුවද්දී දැවී ගිය හැටි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(12) බැංගලූරුහී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ, මයාන්ක් අගාර්වල් ලකුණු 4කට දුවද්දී දැවී යාමකට හසු කර ගනිමින්.
එම අවස්ථාව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණේ අදාළ පන්දුවේ දී ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට ද හසු කර ගැනීම සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායම විනිසුරුගෙන් දැඩි ඉල්ලීමක් සිදු කළ මොහොතක මෙම දුවද්දී දැවී යාම සිදු වීම හේතුවෙන්.
කෙසේ වෙතත්, විනිසුරු විසින් අගාර්වල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී නොගිය පිතිකරුවෙකු ලෙසයි නම් කළේ.
නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට පහසුවෙන් හැකි වූ පසුබිමක පවා ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීම සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට ද අවශ්‍යතාවයක් පැවැති බව දක්නට ලැබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, විශ්ව ප්‍රනාන්දු යොමු කළ අදාළ පන්දුව නිපන්දුවක් ලෙස පසුව විනිසුරු විසින් සංඥා කරනු ලැබීම ද කැපී පෙනුණා.
— cric fun (@cric12222) March 12, 2022