Watch : දුනිත්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දීය මුල්පෙල කඩුලු 3 බිද වැටුණු හැටි
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ සිව්වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3 දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(12) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා. ඒ, පළමු කඩුල්ල සදහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.
ෂුබ්මන් ලකුණු 19 කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. අනතුරුව විරාත් කෝලි ලකුණු 3කට දැවී ගිය අතර, රෝහිත් දැවී ගියේ ලකුණු 53 ක් ලබා සිටියදීයි.
එම කඩුලු තුනම දවා ගත්තේ දුනිත් වෙල්ලාලගේ විසින්. වෙල්ලාලගේ යොමු කළ පළමු පන්දුවෙන්ම ගිල් දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.
දසුන් ශානක අතට උඩ පන්දුවක් ලබා දී කෝලි දැවී ගියා. රෝහිත් ෂර්මා දැවී ගියේ ද පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
එම කඩුලු 3 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) September 12, 2023