Ultimate magazine theme for WordPress.

Watch : දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමක් හමුවේ අසලංක දැවී ගිය හැටි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද(30) රාත්‍රියේ දී අබුඩාබි හී දී ආරම්භ වුණා.

ඒ, අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඩුබායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 149 ක් ලබා ගත්තා.

ජෝ ක්ලාක් ලකුණු 52 ක් රැස් කළේ පන්දු 27 කින්. සුනිල් නරේන් ලකුණු 23(13) යි.

ධනංජය ද සිල්වා ලකුණු 7(9)කටත්, චරිත් අසලංක ලකුණු 9(9) කටත් දැවී ගියා.

අසලංක දැවී ගියේ සිකන්ඩ රාසා යොමු කළ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල විසින් සිදු කළ ස්ටම්ප් කිරීමකට හසු වීමෙන්. (දර්ශන පහතින් නරඹන්න)

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.

චාමික කරුණාරත්න පන්දුවාර 2ක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 19 ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.