Ultimate magazine theme for WordPress.

Watch : දැවැන්ත හයේ පහරකින් පැතුම් මංගල T20 ශතකය වාර්තා කළ හැටි

සිය මංගල විස්සයි 20 ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද(9) සමත් වුණා.

ඒ, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිවයි.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 224 ක් ලබා ගැනීමට සමත් වුණා.

නිස්සංක ලකුණු 119 ක් ලබා ගත්තේ පන්දු 59 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 16 ක් සමගින්.

ඔහු සිය ශතකය දැවැන්ත හයේ පහරකින් සම්පූර්ණ කිරීම ද කැපී පෙනුණා.

ඔහු පන්දු 52 කින් සිය ශතකය වාර්තා කළ අතර, එය LPL ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම ශතකයයි.

එමෙන්ම පැතුම් අද වාර්තා කළ ලකුණු 119 ඉතිහාසගත වුණේ LPL තරගයකදී පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පැතුම් වාර්තා කළ සුපිරි ඉනිම හා ඔහු ශතකය වාර්තා කිරීමට එල්ල කළ අනර්ඝ හයේ පහර ඇතුළත් වීඩියෝ කිහිපයක් පහතින් –