Watch : නිලකුණු පන්දුවාරයක් යොමු කරමින් තීක්ෂණ අවසන් පන්දුවාරයේ දී දවා ගත් කඩුලු 2
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 67 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ අවසන් පන්දුවාරයේ දී නිලකුණු පන්දුවාරයක් සටහන් කරමින් කඩුලු 2 ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ අද(20) සමත් වුණා.
දිල්ලි හී දී පැවැති මෙම තරගයේ දී චෙන්නායි පිලේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 77 ක ජයක් වාර්තා කළ චෙන්නායි කණ්ඩායම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ද අද(20) සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 224 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.
පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 22 ක් ලබා දෙමින්. මතීෂ පතිරණ ලකුණු 22 කට කඩුලු 2 ක් බිද හෙලුවා.
තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කළ මහීෂ් තීක්ෂණ මෙම තරගයේ දී ලකුණු 23 ක් ලබා දෙමිනුයි කඩුලු 2 බිද හෙලුවේ.
අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු දෙකකදී තීක්ෂණ සිය කඩුලු 2 දවා ගත් අතර, කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට තිබූ අවස්ථාව ඔහුට අවාසනාවන්ත අයුරින් අහිමි වී ගියා.
අවසන් පන්දුවාරයේ දී දවා ගත් කඩුලු දෙක පහතින් නරඹන්න –
— cric fun (@cric12222) May 20, 2023
A terrific victory in Delhi for the @ChennaiIPL 🙌
They confirm their qualification to the #TATAIPL 2023 Playoffs 😎
Scorecard ▶️ https://t.co/ESWjX1m8WD #TATAIPL | #DCvCSK pic.twitter.com/OOyfgTTqwu
— IndianPremierLeague (@IPL) May 20, 2023