Ultimate magazine theme for WordPress.

Watch : ඩිල්ෂාන්ගේ සුපිරි ස්විච් හිට් හා ඩිල්ස්කූප් පහර මෙන්න

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අද(27) පස්වරුවේ රායිපූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 213 ක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉනිම ආරම්භ කළේ සනත් ජයසූරිය සමගින් මහේල උඩවත්ත.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

එම සම්බන්ධතාවය බිද වැටුණේ සනත් ජයසූරිය ලකුණු 37 කට දැවී යාමත් සමගයි. පන්දු 25 කින් වාර්තා වූ එම ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

මහේල උඩවත්ත ලකුණු 43 (27) ක් රැස් කළා. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30 කින් ලකුණු 51 ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

චාමර සිල්වා නොදැවී ලකුණු 34 යි. ඉසුරු උදාන පන්දු 4 කින් ලකුණු 17ක් නොදැවී රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින්.