Ultimate magazine theme for WordPress.

Watch : ඩිල්ෂාන්ගේ සුපිරි පන්දුවක් හමුවේ ෂර්මා දැවී ගිය හැටි

2023 ‌ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33 වෙනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඉන්දීය නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(2) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ පළමු පන්දුවාරයේදීමයි මදුෂංක විසින් ෂර්මා දවා ගැනීමට සමත් වුණේ.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ෂර්මා දැවී ගියා. (දර්ශන පහතින්)

අද තරගය වෙනුවෙන් ඉන්දියාව කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.