Watch : ටන්සිම් හසාන් හා නේපාල නායකයා අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩක ටන්සිම් හසාන් හා නේපාල නායක Rohit Paudel අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවනු දක්නට ලැබුණා.
Kingstown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 106 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 ක් පමණයි.
නේපාල ඉනිමේ තෙවැනි පන්දුවාරය වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ඔහු විසින් කඩුලු දෙකක් දවා ගත්තා.
එම පන්දුවාරය අවසන් වීමෙන් පසුවයි ටන්සිම් හසාන් හා නේපාල නායකයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.
දර්ශන පහතින් –