Watch : ජාත්‍යන්තර පිටියට යළි පිවිසි බුම්රා පළමු පන්දුවාරයෙන්ම කඩුලු 2ක් දවා ගත් හැටි

ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වසරකට ආසන්න කාලයකට පසුව අද(18) යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙමින් සිය පළමු පන්දුවාරයේ දී ම කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ, අයර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී යි.
මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද දරනු ලබන්නේ බුම්රා විසින්.
බුම්රා අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. අනතුරුව ආබාධවලට ලක්වීම නිසාත්, ශල්‍යකර්මයකට ලක්වීම නිසාත් බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී අද ආරම්භ වූ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
අයර්ලන්ත ඉනිමේ පළමු පන්දුවාරය බුම්රා විසින් යොමු කරනු ලැබුවා. පළමු පන්දුවට ඇන්ඩි බල්බර්නි විසින් හතරේ පහරක් එල්ල කළ නමුත්, දෙවැනි පන්දුවේ දී පන්දුව පිත්තේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහුට යළි ක්‍රීඩාගාරය බලා පිටව යාමට සිදු වුණා.
අනතුරුව පිටියට පිවිසියේ ලෝකන් ටකර්. ඔහු එම පන්දුවාරයේම 5 වැනි පන්දුවේ දී ස්කූප් පහරක් එල්ල කිරීමට යාමේ දී කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.
කඩුලු දෙකේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න –
Boom Boom #Bumrah is Back 🥵🥵 pic.twitter.com/HRFCnFUUxz
— Md Nayab 786 🇮🇳 (@mdNayabsk45) August 18, 2023
Ladies and Gentlemen,he's back!
Jasprit Bumrah gets 2 wickets in the first over coming back from injury.#bumrah pic.twitter.com/wI174KGyQD
— Md Nayab (@MdNayab175862) August 18, 2023