Watch : ගාලු නායක දසුන් පිටිය සිසාරා ගහපු සුපිරි පහරවල් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී වේගවත් ඉනිමක නිරත වීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක අද (31) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 180 ක් ලබා ගනිමින්.
හයේ පහර හා හතරේ පහර දෙක බැගින් එල්ල කරමින් ශෙවෝන් ඩැනියල් ලකුණු 33(26) ක් රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු 48 ක් රැස් කළේ පන්දු 34 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඉනිමට සුපිරි අවසානයක් හිමි කර දුන් දසුන් ශානක පන්දු 21 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 42 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.
දසුන්ගේ ඉනිම පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) July 31, 2023