Watch : කොදෙව් හිටපු නායකයින් ඓතිහාසික ටෙස්ට් ජය කදුළු සලමින් සැමරූ හැටි

ශමාර් ජෝසප් ලකුණු 68 කට කඩුලු 7ක් දවා ගනිමින් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු අටක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(28) සමත් වූ බව මීට පෙර අප ඔබට තොරතුරු වාර්තා කළා.
එම ජයත් සමග දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙනුුුයි අවසන් වුණේ.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 60 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 207 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.
මෙම ටෙස්ට් ජය ඉතිහාසගත වුණේ 1997 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දී කොදෙව් කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජය ලෙසයි.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනි ඉනිම සුපුරුදු පරිදි ආරම්භ කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 91 ක් ලබා සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, අවසන් කඩුල්ල ලෙස ජොෂ් හේසල්වුඩ් දැවී යාමත් සමග ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුණා.
කොදෙව් කණ්ඩායම ලැබූ මෙම සුපිරි ජය ලොව පුරා කොදෙව්වන්ට සහාය දක්වන ක්‍රීඩාලෝලීන් ඉතා ඉහළින් සමරන අතරවාරයේ කොදෙව් හිටපු නායකයින් වන බ්‍රයන් ලාරා හා කාර්ල් හූපර් මෙම ජය හමුවේ ඉතා සංවේදී වන අයුරු ද දැක ගත හැකි වුණා.
දර්ශන කිහිපයක් පහතින් –
WHAT IT MEANS 😭❤
Former West Indies Test captain Carl Hooper was extremely emotional and shed happy tears in the ABC Box after the side got their first win in Australia since 1997.
Read more: https://t.co/netdkVutN1 #AUSvWI pic.twitter.com/uvZjgeJ8Du
— ABC SPORT (@abcsport) January 28, 2024
The 3 Kings…@gilly381 @BrianLara #Smithy
❤️ test cricket…@FoxCricket pic.twitter.com/rQBxho9z3B— Mark Howard (@MarkHoward03) January 28, 2024