Watch : උතාපා හා ජඩේජා වනිදුට ගොදුරු වූ හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී අද(12) රාත්‍රියේ ආරම්භ වුණා.
ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත් වුණා.
රොබින් උතාපා ලකුණු 88(50)ක් හා ශිවම් දූබේ පන්දු 46කින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා.
උතාපාගේ ඉනිමට හයේ පහර 9ක් ද, දූබේගේ ඉනිමට හයේ පහර 8ක් ද ඇතුළත් වුණා.
පන්දු යැවීමේ දී වනිදු හසරංග පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා.
හසරංග මේ වන විට මෙවර තරගාවලියේ දී දවා ගෙන ඇති කඩුලු ගණන 10ක්.
— cric fun (@cric12222) April 12, 2022