Ultimate magazine theme for WordPress.

Watch : උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් ශහීන්-උස්මාන් එකිනෙකා ගැටුණු හැටි

ජාත්‍යන්තර තරගවලදී උඩ පන්දු රැක ගැනීමට ගොස් පන්දු රකින්නන් අතර සිදු වන සන්නිවේදනයේ දුර්වලතා හේතුවෙන් උඩ පන්දු අත්හැරීම් සිදු වන ආකාරය අප ඇතැම් අවස්ථාවල දැක තිබෙනවා.

විශේෂයෙන් පාකිස්තාන ක්‍රීඩකයින් අතින් මෙවැනි උඩ පන්දු අත්හැරීම් සිදු වනු නිරතුරුවම දැක ගත හැකි වීම ද විශේෂත්වයක්.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(16) රාත්‍රියේ අයර්ලන්තයට එරෙහිව ආරම්භ වූ 36 වැනි තරගයේ දී ද සන්නිවේදනයේ සිදු වූ එවැනි දුර්වලතාවයක් නිසා පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනකු එකිනෙකා ගැටීමක් සිදු වනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට ශහීන් ශාහ් අෆ්රිඩි සමත් වුණා.

උඩ පන්දුව රැක ගැනීමට යාමේ දී ඔහු හා ගැටුණු අනෙක් පන්දු රකින්නා වූයේ උස්මාන් ඛාන්.

දර්ශන පහතින් –