Ultimate magazine theme for WordPress.

Watch : ඉෆ්ටිකාර් ගහපු තරගාවලියේ දිගම හයේ පහර මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහර එල්ල කිරීමට පාකිස්තාන මැදපෙල පිතිකරු ඉෆ්ටිකාර් අහ්මඩ් අද(3) සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව සිඩ්නි හී දී අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 35 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ එක් හයේ පහරක දිග මීටර් 106 ක් ලෙස සටහන් වූ අතර, එය මෙවර තරගාවලියේ මෙතෙක් පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහරයි.

දර්ශන පහතින් නරඹන්න –