Ultimate magazine theme for WordPress.

Watch : ඉනිමේ පළමු පන්දුවාරයේ දී ලකුණු බින්දුවකට බෝල්ට්ගෙන් කඩුලු 2ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (2) පස්වරු 3:30 ට හයිදරාබාද් හී දී ආරම්භ වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා.

එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ රාජස්ථාන් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා ගනිමින්.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ජෝස් බට්ලර් පන්දු 22 කින් ලකුණු 54 ක් රැස් කළා.යශස්වි ජයිස්වාල් ද ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දු 37 කට මුහුණ දෙමින්. සංජු සැම්සන් ලකුණු 55 (32)යි.

පන්දු යැවීමේදී ෆසල්හක් ෆරූකී හා ටී නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

සන්රයිසස් පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි අවස්ථාවේදී රාජස්ථානය වෙනුවෙන් පලමු පන්දුවාරය යොමුකළේ ට්‍රෙන්ට් බෝල්ට් විසින්.

එම පන්දුවාරයේදී කිසිදු ලකුණක් ලබා නොදී ඔහු විසින් කඩුලු දෙකක් දවා ගැනීම විශේෂත්වයක්. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ අභිෂේක් ෂර්මා හා රාහුල් ත්‍රිපාති.

දර්ශන පහතින් –