Ultimate magazine theme for WordPress.

Watch : ආබාධයෙන් පසු පිටියට ආ සූර්යකුමාර් එල්ල කළ සුපිරි හයේ පහර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය අද(6) රාත්‍රියේ පූනේ හී දී ආරම්භ වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා පිල පළමුවෙන් පන්දුවට පහර දීමට මුම්බායි පිලට ආරාධනා කළා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින්.

ආබාධයක් හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වූ සූර්යකුමාර් යාදෙව් අද තරගය සදහා ක්‍රීඩා කළ අතර, මුම්බායි ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් ඔහු පන්දු 36කින් ලකුණු 52ක් ලබා ගත්තා.

සූර්යකුමාර් සිය ඉනිමේ දී එල්ල කළ අලංකාර හයේ පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. (දර්ශන පහතින්)