Watch : ආකාෂ්ගේ සුපිරි පන්දු දෙකකින් ක්ලාසන් හා බෘෘක් දැවී ගිය හැටි
![](https://www.hitwicket.lk/wp-content/uploads/2023/05/Akash-Madhwal-wickets.jpg)
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් පිට පිට කඩුලු 2 ක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ආකාෂ් මද්වාල් සමත් වුණා.
මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත්තා.
ඉනිමේ 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී යි ආකාෂ් මද්වාල් විසින් විශිෂ්ඨ පන්දු දෙකක් යොමු කරමින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් කඩුලු 2 ක් දවා ගත්තේ.
එහිදී ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 18 ක් ලබා සිටි හෙන්රික් ක්ලාසන් හා හැරී බෘෘක්. (දර්ශන පහතින් නරඹන්න)
(දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)