Ultimate magazine theme for WordPress.

IPL ඉතිහාසයේ වේගවත්ම පන්දුව අන්රිච්ගෙන්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Anrich Nortje ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නෙකු යවනු ලැබූ වේගවත්ම පන්දුව යැවීමට ඊයේ(14) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

එහිදී Anrich Nortje ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ඔහු යැවූ බොහෝ පන්දු ඉතා වේගවත් වීම කැපී පෙණුනා.

ඔහු යැවූ එක් පන්දුවක වේගය සටහන්ව තිබුණේ පැයට කිලෝ මීටර් 156.22 ක් ලෙසයි.

එය අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම පන්දුව වීම විශේෂත්වයක්.

ඊට අමතරව Anrich Nortje විසින් මෙවර තරග වාරයේ දෙවැනි සහ තෙවැනි වේගවත්ම පන්දු ද යොමු කරමින් සටහන් කර තිබූ වේගය පැ.කි.මී 155.21 සහ 154.74 ක්.

ඔහු විසින් මෙම තරගයේ දී ජොස් බට්ලර්ගේ කඩුල්ල ද දවා ගත් අතර, ඊට අදාළ දර්ශන පහතින් –

Leave a comment