Ultimate magazine theme for WordPress.

99න් බේරුණු රූට් ශතකය පසු කරයි

එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් අද(15) සිය 18 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දීයි.

එහිදී එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළ ඔහු පන්දු 163කින් සිය ශතකය වාර්තා කළා.

ඔහු මෙම ඉනිමේ දී ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහර දුන් අතර, වැරැදි පහරවල් තෝරා නොගනිමින් ඉතා විශිෂ්ඨ අන්දමින් පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද ආදර්ශයක් බවට පත් වුණා.

කෙසේ වෙතත්, අද දිනයේ යවනු ලැබූ දෙවැනි පන්දුවේ දී ජෝ රූට්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා ආසන්න අවස්ථාවක් හිමි වුණා.

එම පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට ඔහුව හසු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක නොවූයේ විනිසුරු කුමාර ධර්මසේන විසින් ජෝ රූට් නොදැවුණු පිතිකරවෙකු ලෙස නම් කිරීම හේතුවෙන්.

එම අවස්ථාවේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාව ඔහුගේ කඩුල්ල ලබා ගැනීම සදහා උත්සාහයක නිරත වූ නමුත් එය ද අසාර්ථක වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසයි.

ඒ වන විට රූට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 66ක්.

දර්ශන පහතින් –

Leave a comment