Watch : 4 ක් නැවතූ මොයීන් අලීගේ අමුතු පන්දු රැකීම
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(8) දිනයේ දී සුවිශේෂී පන්දු රැකීමක නිරත වෙමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට එංගලන්තයේ මොයීන් අලී සමත් වුණා.
ලීඩ්ස් හී දී පැවැත්වෙන තරගය වර්ෂාව හේතුවෙන් අද දිනය සදහා ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116ක්.
ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා ගත්තා.
ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තයට දෙවැනි ඉනිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 251 ක්.
ඔස්ට්‍රේලියානු ඉනිමේ 61 වැනි පන්දුවාරයේ දී යි මොයීන් අලී විසින් විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් සිය පාදයකින් හතරේ පහරක් නතර කර ගැනීමට සමත් වුණේ.
එහි දර්ශන පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) July 8, 2023