Ultimate magazine theme for WordPress.

ස්මිත්ගේ කඩුල්ල ඉසුරු දවා ගත් හැටි මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේ තම තෙවැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අද(3) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව තරගයේ පළමු පන්දුවාරය යැවීමේ වගකීම ද ඉසුරු උදානට හිමි වූ අතර, එම පන්දුවාරයට ජොස් බට්ලර් සහ ස්ටීව් ස්මිත් ලකුණු 9ක් රැස් කළා.

කෙසේ වෙතත්, ඔහු යැවූ දෙවැනි පන්දුවාරයේ දී නායක ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල දවා ගනිමින් බැංගලෝර් කණ්ඩායමට මනා ආරම්භයක් ලබා දීමට ඉසුරු උදාන සමත් වුණා.

ඊට අදාළ දර්ශන මෙතනින්

Leave a comment