Ultimate magazine theme for WordPress.

සනත්ගේ අපූර්ව පන්දු රැකීමට ලාරා දැක්වූ අපූර්ව ප්‍රතිචාරය

Road Safety World Series තරගාවලිය යටතේ Sri Lanka Legends කණ්ඩායම හා West Indies Legends කණ්ඩායම අතර අද(6) රායිපූර් ක්‍රීඩාංගනයේ පැවැති තරගය අතරතුර සිදුවූ අපූර්ව සිදුවීමක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනු දක්නට ලැබනෙවා.

කොදෙව් කණ්ඩායම පිතිකරණයේ නිරත වෙමින් සිටි අවස්ථාවේ ඉනිමේ 15 වන පන්දුවාරයේ මහරුෆ් යොමු කළ පන්දුවකට Mahendra Nagamootoo අලංකාර පහරක් එල්ල කිරීමෙන් පසුව පන්දුව හතරේ සීමාව වෙත වේගයෙන් ඇදී ගියා.

එහිදී එම පන්දුව සීමා ඉර ආසන්නයේ දී පාදයෙන් නවතා ගැනීමට සනත් ජයසූරිය සමත් වුණා.

එම අවස්ථාවේ පිතිකරණයේ නිරතවෙමින් සිටි අනෙක් පිතිකරුවා වූ බ්‍රයන් ලාරා ඉතාමත් ප්‍රසන්න සිනාමුසු මුහුණින් ජයසූරියගේ එම අපූර්ව උත්සාහය ඇගයීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

ප්‍රතිවාදී කණ්ඩායමක ක්‍රීඩකයකුගේ දක්ෂතාවයක් එලෙස අගය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ ඉතාමත් සුබවාදී අදහස් ද මේ වන විට දැක ගැනීමට ලැබෙනවා.

දර්ශන පහතින්

Leave a comment