Ultimate magazine theme for WordPress.

සංජු සැම්සන්ගේ හයේ වැස්ස මෙන්න – 74 (32)

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 11කට සීමා වුණා.

කෙසේ වෙතත්, අනතුරුව ස්ටීව් ස්මිත් සමග එක් වූ සංජු සැම්සන් ලකුණු 121ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වීම විශේෂත්වයක්.

සංජු සැම්සන් සිය අර්ධ ශතකය පන්දු 19කින් වාර්තා කළේ චෙන්නායි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින්.

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 11.4කදී ලකුණු 132ක් ලබා සිටියදී සංජු සැම්සන් දැවී ගියේ පන්දු 32කදී ලකුණු 74ක් ලබා සිටියදීයි.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 9ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

සංජු සැම්සන්ගේ ඉනිම මෙතනින් නරඹන්න

Leave a comment