Ultimate magazine theme for WordPress.

ශාරුක්ගේ දිරිගැන්වීම මධ්‍යයේ නාගර්කෝටි රැකගත් සුපිරි උඩ පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(30) සමත් වුණා.

ඩුබායිහී දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගය නැරඹීම සදහා එහි හිමිකරු ශාරුක් ඛාන් ද පැමිණ සිටියා.

කොල්කටා කණ්ඩායම මෙම තරගයේ දී දැක් වූ සුපිරි දක්ෂතාවලට ඔහුගෙන් ලැබුණේ ද ඉහළ දිරිගැන්වීමක්.

මේ අතර, මෙම තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට කොල්කටා කණ්ඩායමේ කම්ලේශ් නාගර්කෝටි සමත් වුණා.

ඒ, ජොෆ්ර ආචර්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි.

එම අවස්ථාවේ දී ද බොලිවුඩ් නලු ශාරුක් ඛාන් ඊට ඉහළ ප්‍රතිචාරයක් දක්වනු ලැබුවා.

අදාළ උඩ පන්දුව රැක ගත් අයුරු මෙතනින් නරඹන්න

Leave a comment